.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්නෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූ සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සෞඛ්‍ය ප්‍රධානීන් රෝහල්වලට නියෝග කර ඇත.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, තුවාල ලැබූවන් ගුවන් යානා මගින් රෝහල්වලට ගෙන ගොස් ඇති බවයි.
මේ අතර එරට ජනාධිපතිවරයා සිය කණගාටුව ප්‍රකාශ කරමින් සඳහන් කර ඇත්තේ, එය බිහිසුණු, ඉතා වේදනාකාරි ව්‍යසනයක් බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ගින්න පාලනයට සහ නේවාසිකාගාරයේ සිරවී සිටි අනෙක් පිරිස මුදා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරා තිබේ.