.webp)
ඒ අනුව එවාන් ගර්ෂ් කොවිච් නම් මෙම මාධ්‍යවේදියා අගෝස්තු මස 30 වැනි දා දක්වා රඳවා තබාගැනීමට රුසියානු අධිකරණයක් නියෝග කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.
අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් සඟරාවට අනුයුක්තව, යුක්රේන රුසියානු යුද්ධය පිළිබඳව වාර්තා කරමින් සිටි ඔහු ඔත්තු බැලීමේ චෝදනා මත ඔහු පසුගිය මාර්තු මාසයේදී රුසියානු ආරක්ෂක අංශ භාරයට ගැණුනි.
දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව ඇති වූ සීත යුද්ධයෙන් පසු රුසියාව, අමෙරිකානු මාධ්‍යවේදියෙකු ඔත්තු බැලීමේ චෝදනා මත අත්අඩංගුවට පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.
වරදකරු වුවහොත් ඔහු වසර 20ක සිරදඬුවමකට යටත් විය හැකියි.
එල්ල වී ඇති මෙම චෝදනා වෝල් ස්ට්‍රීට් සඟරාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර අමෙරිකානු බලධාරීන් එවාන් ගර්ෂ් කොවිච් වහාම නිදහස් කරන ලෙස රුසියාවට දැනුම් දී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.