.webp)
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මේ වන විට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
රියදුරු බලපත්‍ර ලක්ෂ අට හමාරක්, තුන්වන පාර්ශවයක් මගින් මුද්‍රණය කර, බලපත්‍රලාභීන්ට නිකුත් කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව පවසයි.
දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබා දීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර කාඩ්පත් පමණක් තුන්වන පාර්ශවය මගින් මාස 6 ක් හෝ 7 ක් තුළ ලබාදීමට සැලසුම්කර ඇති බවයි.