එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට ගත් පියවරත් සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝගවලින් රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇති බවයි.
2021 වසරේ රසායනික පොහොර තහනමත් සමග ඇති වූ අර්බුදය හමුවේ සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝග ආනයනය සඳහා විශාල මුදලක් වැය වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ අතර මෙම යල කන්නයේ අස්වනු නෙලා ගැනීමෙන් අනතුරුව වගා කෙරෙන අතරමැදි කන්නය තුළ හැකිතාක් අතිරේක බෝග වගාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් මුං ඇට, කව්පි හා උඳු වගා කිරීමට ගොවීන් උනන්දු කරන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.