.webp)
එහි තිබෙන ඔංචිල්ලා සීසෝ ඇතුළු කුඩා ළමුන්ගේ ක්‍රීඩා උපකරණ විනාශ වී ඇත්තේ මළ බැඳීම හේතුවෙනි.
දේශීය මෙන්ම විදෙස් සංචාරකයින් ද කුඩා ළමුන් රැගෙන පානදුර වෙරළට පැමිණෙන නමුත් ළමුන්ට විනෝද වීම සඳහා ඇති ස්ථානය විනාශ වීමෙන් දෙමාපියන් මෙන්ම ළමුන් ද කනස්සල්ලෙන් හැරී යනු ඇත.
දැනට වසර 2 ක පමණ කාලයක සිට මෙම උපාංග විනාශ වී ඇත.
දෙමාපියන් මෙන්ම දරුවන් ද පවසන්නේ, මෙම ළමා උද්‍යානය නැවත දරුවන්ට පාවිච්චියට ගත හැකි ලෙස කඩිනමින් සකසා දෙන ලෙසයි.