බ්‍රසීලයේ ගුවන් අනතුරකින් 14 දෙනෙකු මරුට

බ්‍රසීලයේ ගුවන් අනතුරකින් 14 දෙනෙකු මරුට

by Staff writer 17-09-2023 | 7:54 AM

COLOMBO (News 1st) - බ්‍රසීලයේ උතුරු ඇමසන් ප්‍රදේශයයට ගුවන් යානාවක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු සංචාරකයින් රැගත් ගුවන් යානයක් එලෙස අනතුරට පත්ව ඇති බවයි.

අයහපත් කාළගුණය හමුවේ යානය බාර්සිලෝස් හි ගුවන් තොටුපොළකට  ගොඩබැස්වීමට උත්සහ කිරීමේදී  අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇත්තේ සංචාරකයින් 12 දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනායි.

මේ වන විට අනතුර පිළිබඳ කඩිනම් විමර්ශන ආරම්භ කර ඇති බව බ්‍රසීල බලධාරීන් සඳහන් කළේ ය.

කෙසේ වෙතත් යානය අනතුරට ලක්වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.