COLOMBO (News 1st) - කොළඹ පොලිස් වසම් කිහිපයක තිලීපන් සැමරුම් අත්හිටුවමින් අධිකරණ නියෝග නිකුත් කර තිබේ.
ඒ , පොලිස් ස්ථානාධිපතිවරුන් කළ කරුණු දැක්වීම් සලකා බලමිනි.
මේ අනුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය සහ කොල්ලුපිටිය පොලිස් වසම් ආශ්‍රීතව අද දහවල් 12 සිට රාත්‍රි 10 දක්වා එවැනි සැමරුම් පැවැත්වීම තහනම් කරමින්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කර තිබේ.
මීට අමතරව, මරදාන පොලිස් වසම ආශ්‍රිතව අද දහවල් 12 සිට හෙට දහවල් 12 දක්වා තිලීපන් සැමරුම් තහනම් කරමින්, මාළිගාකන්ද අධිකරණයෙන් ද, නියෝගයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.