ජෝර්දානයේ අමෙරිකානු හමුදාකඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්

ජෝර්දානයේ අමෙරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්.. තිදෙනෙකු මරුට...

by Staff writer 29-01-2024 | 8:22 AM

COLOMBO (News 1st) - ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 3 දෙනෙකු මියගොස් තිබේ.

සිරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි අදාළ කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව, 34 කි.

ඉරාන පිටුබලය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ, ඊට වගකිව යුතු පුද්ගලයින්ට ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

එම නින්දිත ප්‍රහාරයෙන් අගතියට පත් පවුල්වලට ශෝකය පළ කරන බව ද, ඔහු ප්‍රකාශ කළේ ය. 

පෙන්ටගනයේ ප්‍රධානියා ද සඳහන් කළේ, සිය හමුදාවන්ට එල්ල වන ප්‍රහාර නොඉවසන බවයි.