බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට පිළිකාවක්..

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට පිළිකාවක්..

by Staff writer 06-02-2024 | 7:27 AM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බවට හඳුනාගෙන තිබේ.

ඔහු මේ වනවිට 75 වැනි වියේ පසු වනු ඇත.

බකිංහැම් මාලිගය පැවසුවේ, මේ වනවිට රජුට ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි.

පිළිකාව හඳුනාගෙන ඇත්තේ මෑතකදී රජු වෙනත් රෝගී තත්ත්වයක් සඳහා රෝහල් ප්‍රතිකාර ලබා ගැනීමකදී බවත් බකිංහැම් මාලිගය ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් රජුට කුමන ආකාරයක පිළිකාවක් වැළඳී ඇත්දැයි යන්න බකිංහැම් මාලිගය ප්‍රකාශ කර නැත.

කෙසේ වෙතත් රාජ්‍ය රාජකාරි සඳහා රජු සහභාගී වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

රජු සතිපතා අගමැති රිෂි සුනක් හමුවනු ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ.