ආදරේ තරම් වැලන්ටයින්ස් කොන්සට් අද..

සිරස TV, MY Y ආදරේ තරම් වැලන්ටයින්ස් කොන්සට් අද නෙළුම් කුළුණු පරිශ්‍රයේදී: එයත් එක්ක ඔයත් එන්න..

by Staff writer 11-02-2024 | 7:26 AM

COLOMBO (News 1st) - කාටත් කළින් ආදරවන්තයිග්නේ දිනය සමරන්නට ඔබට අවස්ථාව ලබාදෙන සිරස TV, MY Y ආදරේ තරම් වැලන්ටයින්ස් කොන්සට් අද (11) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

නොමිලේම විඳින්නට ලැබෙන මේ ප්‍රේමණිය හැන්දෑවට ඔබත් එන්න ඔයත් සමගින්.

සිරස TV , MY Y  ආදරේ තරම් වැලන්ටයින්ස් කොන්සට් අද  කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේදී හරියටම පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතය.

රිට්ස්බරි බෙස්ට් කපල් . වැලන්ටයින් හැන්ඩ්සම් , සන්සිල්ක් බියුටි ක්වීන් , අයිස් ඩාන්ස් ඇතුළු ආදරීනීය තරග ගොඩක් එක්ක තෑගි දිනාගන්නා ගමන් නවමු අත්දැකීමක් විඳගන්නට නෙළුම් කුළුන පරිශ්‍රයට එන ඔබට අද අවස්ථාව හිමිවේ.

සිරස TV , MY Y ආදරේ තරම් වැලන්ටයින්ස් කොන්සට්හිදී  දිවයිනේ ජනප්‍රිය ගී තරු රැසක් ඔබ වෙනුවෙන් සංගීතවත් වන්නට සූදානම්.