බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට...

දෛනිකව බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට- බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 13-02-2024 | 9:21 AM

COLOMBO (News 1st)  - දෛනිකව බන්ධනාගාරගතවන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. 

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ, දෛනිකව පුද්ගලයින් 400 ක් පමණ බන්ධනාගාරගත වන බවයි.

පවතින තත්ත්වය තුළ බන්ධනාගාර ආශ්‍රිතව ඇති තදබදය කළමනාකරණය කරගනිමින් සිරකරුවන් රැඳවීමට පියවර ගෙන ඇතැයිද, ඔහු පැවසුවේ ය.

මේ වනවිට බන්ධනාගාරගත සමස්ත පිරිස 30,000 ඉක්මවයි.