බූස්ස බන්ධනාගාරයේ පොළොව යටින් මතු වූ දෑ..

බූස්ස බන්ධනාගාරයේ පොළොව අභ්‍යන්තරයේ සඟවා තිබූ ජංගම දුරකතන ඇතුළු උපාංග කිහිපයක් අත්අඩංගුවට..

by Staff writer 13-02-2024 | 12:53 PM

COLOMBO (News 1st) - බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පොළොව අභ්‍යන්තරයේ, සූක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකතන ඇතුළු උපාංග කිහිපයක් පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ , බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ A හා D වාට්ටුවල කළ හදිසි සෝදිසි කිරිමකදී ය.

එහිදී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් , කුඩා ප්‍රමානයේ ජංගම දුරකතන 02 ක්, සිම්පත් 04 ක්, මෙමරි චිප් 01 ක්, පිටත ආවරණ ඉවත් කරන ලද දුරකථන චාජර් 02 ක්, ඩේටා කේබල් 02 ක් ඇතුළු උපාංග සොයාගෙන ඇතැයි සඳහන් ය.