අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

2023 ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා අයැදුම්පත් අද සිට Online හරහා යොමු කළ හැකියි - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 13-02-2024 | 6:49 AM

COLOMBO (News 1st) - 2023 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා අයැදුම්පත් Online ක්‍රමයට අද(13) සිට යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 

එම අමාත්‍යංශය නිවේදනය කළේ, පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අභියාචනා අද සිට පෙබරවාරි 29 වැනිදා දක්වා Online ක්‍රමයට යොමු කළ හැකි බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් 3ක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.