අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ..

අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ..

by Hashini De Mel 20-02-2024 | 12:09 PM

COLOMBO (News 1st) - ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණ සංචාරකයින්ට තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ, අයිෆල් කුළුණේ සේවකයින් වැඩ වර්ජනයක් දියත් කිරීම හේතුවෙනි.

එම නිසා ලොව වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වූ අයිෆල් කුළුණ ඊයේ (19) සිට තාවකාලිකව වසා දමා තිබේ.

ලබන ජූලි 26 වැනි දා පැරිස් නුවරදී ආරම්භ වීමට නියමිත ඔලිම්පික් උළෙල නිමිත්තෙන් මේ දිනවල අයිෆල් කුළුණේ අලුත්වැඩියා කටයුතු ද සිදු කරමින් පවතිනු ඇත.

සේවක වෘත්තීය සමිති පවසන්නේ, කුළුණ අධීක්ෂණය කරන සමාගමෙන් 99%කට හිමිකම් කියන පැරිස් නගර ශාලාව එම අලුත්වැඩියා කටයුතුවල ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවන බවයි. 

මේ හේතුවෙන් නඩත්තු කටයුතු අඩාල විය හැකි බව ඔවුන් පෙන්වා දෙති.

අයිෆල් කුළුණේ සේවකයින් මේ කරුණ සම්බන්ධයෙන් මෙම වසර තුළ වැඩ වර්ජනයක නිරත වන දෙවන අවස්ථාව මෙයයි.

වර්ජනය හේතුවෙන් අයිෆල් කුළුණ නැරඹීමට පැමිණ සිටින දෙස් විදෙස් සංචාරකයින් දැඩි අපහසුතාවකට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනු ඇත.

"අපි ඉක්මනට ටිකට් දාගෙන ආවේ මේක බලන්න. ඇත්තටම අපේ බලාපොරොත්තු සුන්වුණා"

"ඇත්තටම මේක ගැන ලැජ්ජයි, අපි ප්‍රංශයට ආවේ දින 03කට විතරයි, අපේ මධුසමයෙන් අවුරුදු 15කට පස්සේ අපි නැවත මෙතෙන්ට ආවේ මේ ස්ථානය අපේ දරුවන්ට පෙන්වන්න"

වර්ජනයේ ප්‍රකාශකයින් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, මෙම වර්ජනය දින කිහිපයක් දක්වා දීර්ඝ වනු ඇති බවයි.

මේ වර්ජනය හේතුවෙන් ප්‍රංශයේ පැරීස් නගරයේ වෙළෙඳ කටයුතුවලටද බාධා එල්ල වී තිබේ.