දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 380ක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 380ක් - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

by Staff writer 27-02-2024 | 6:32 AM

COLOMBO (News 1st) - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 380ක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ හේතුවෙන් සිය සේවා පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇති බවය.

සේවක හිඟය පිළිබඳ මුදල් අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.

එම නිලධාරිවරයා සඳහන් කළේ, සහකාර කොමසාරිස්වරුන් 221ක්, කාර්යාල කාර්ය සහායකවරුන් 71ක් සහ කළමනාකරණ සේවා පුරප්පාඩු 88ක් පවතින බවයි.