.webp)
සල්ලි දීලා ඉගෙන ගන්න සිසුන් පිරිසකට අද ඉදලා නොමිලේම ඉගෙන ගන්න දෙනවා කියලා කිව්වොත් ඒ සතුට කොහොම වෙයිද?
මේ ඒ වගේ කතාවක්..
මේ කතාව අපිට වාර්තා වෙන්නේ, ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් වලින්..
මහාචාර්ය රූත් ගොටෙස්මන් ( Ruth Gottesman ) කියන්නේ නිව්යෝර්ක්හි ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ දීර්ඝකාලයක් සේවය කළ 93 හැවිරිදි මහාචාර්‍යවරියක්
ඇය තම මියගිය සැමියාගෙන් තමන්ට උරුම වුණ ඩොලර් බිලියනයක සම්පූර්ණ මුදල ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කරනවා
ඒක තමයි මෑත ඉතිහාසයේ එක්සත් ජනපදයේ අධ්‍යාපන ආයතනයක් වෙනුවෙන් සිදු කරන ලද විශාලතම මූල්‍ය පරිත්‍යාගය
ඉතින් මේ මුදලින් සියලුම සිව්වන වසරේ සිසුන්ට ඔවුන්ගේ 2024 අධ්‍යයන වාරයේ ගාස්තු ප්‍රතිපූරණය කරන අතර අගෝස්තු මාසයේ සිට සියලුම සිසුන්ට නොමිලේ පන්ති පැවැත්වෙන බවත් මහාචාර්ය රූත් ගොටෙස්මන් නිවේදනය කරලා තියෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මහාචාර්ය රූත් වෛද්‍ය විද්‍යාලයීය ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී මෙය නිවේදනය කරපු
මොහොතේ සිසුන් ප්‍රීතියෙන් ප්‍රතිචාර දැක් වූ බවයි
ඇය තම සැමියා පිළිබඳව සිහිපත් කළේ මෙවැන්නක්..
''මගේ මියගිය සැමියාට ස්තූතිවන්ත වෙනවා මෙම අරමුදල් මගේ භාරයේ තැබීම ගැන.. වටිනා කටයුත්තක් වෙනුවෙන් මේ මුදල් ලබා දීමට හැකිවීම ආශිර්වාදයක් සේ දැනෙනවා,"
මගේ සැමියා කිව්වේ මට නිවැරදියි කියලා හිතෙන ඕනෑම දෙයක් වෙනුවෙන් මුදල් වියදම් කරන්න කියලා
ඔහු මට මේ දේ කරන්න අවස්ථාව ලබා දුන්නා, මම හිතනවා එයා සතුටු වෙනවා ඇති කියලා