සමාජ ජාලා කිහිපයක හදිසි බිඳවැටීමක්

Facebook, Instagram සහ Messenger සමාජ ජාලාවල හදිසි බිඳවැටීමක්

by Staff writer 05-03-2024 | 9:20 PM

COLOMBO (News 1st) - Facebook, Instagram, Messenger සහ Threads යන සමාජ මාධ්‍ය, රටවල් කිහිපයක බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කරන්නේ, අදාළ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ගිණුම් සඳහා ප්‍රවේශවීමට නොහැකි වී ඇති බවයි. 

මේ අතර Facebook හා Instagramm බිඳවැටී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි,  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිව්ස්ෆස්ට් කළ විමසීමදි තහවුරු කළේ ය.