රුසියාවට අද ශෝක දිනයක්..

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් මොස්කව් වෙඩි තැබීම හෙළාදකී: රුසියාවට අද ශෝක දිනයක්..

by Staff writer 24-03-2024 | 8:24 AM

COLOMBO (News 1st) –  ISIS ත්‍රස්ත සංවිධානය සැලකිය යුතු ගෝලීය තර්ජනයක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ත්‍රස්ත සංවිධානය තුරන් කිරීමට එක්වන්නැයි  අන්තෝනියෝ ගුටරෙස් ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කළ බවයි.

රුසියාවේ මොස්කව් අගනුවර ඊයේ සිදුවූ වෙඩි තැබීම හෙළා දකිමින් , එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊජිප්තුවේදී ඒ බව සඳහන් කළේ ය.

තුවක්කුකරුවන් පිරිසක් මොස්කව් නුවර ප්‍රසංග ශාලාවකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 133කට දිවි අහිමි විය. 

ඉන් තුවාල ලැබූ පිරිස 150 කට අධිකයි.

ප්‍රහාරය එල්ල වන විට එම ශාලාව තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 6200 කි.

දිවි අහිමිවූවන් සිහිකරමින් අද රුසියාවට ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරිණ. 

ප්‍රහාරයට සම්බන්ධ තුවක්කුකරුවන් හතර දෙනා ඇතුලුව 11 දෙනෙකු මේ වනවිට රුසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ. 

ප්‍රහාරයේ වගකීම, IS සංවිධානය භාරගත්තේ ය. 

රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් සඳහන් කළේ, ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් ලබා දෙන බවයි.