අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය

අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය

by Chathurika Jayasundara 18-04-2024 | 5:42 PM

COLOMBO (News 1st) - අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නව පර්යේෂණ කාර්ය මණ්ඩලයක් තෝරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා 

මෙම පරීක්ෂණ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකර තෝරා ගෙන තිබීම විශේෂත්වයක් 

නාසා ආයතනය මගින් හූස්ටන් හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති අඟහරු ග්‍රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක අදාළව මෙම මෙහෙයුම් සිදු කෙරෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  මෙහෙයුමට සහභාගී වීමට ස්වේච්ඡා සේවකයන් හතර දෙනෙකුගෙන් යුත් නව කාර්ය මණ්ඩලයක් තෝරාගෙන ඇති බවයි. 

මෙහෙයුමට අදාළ විද්‍යාඥයන් අතර අනෙකුත් පිරිස වන්නේ ජේසන් ලී, ස්ටෙෆනි නවර්රෝ, ෂරීෆ් අල් රෝමයිති යන අයයි.

පියුමි විජේසේකර කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ගෙන තිබෙනවා  

මේ වනවිට NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකවරියක්.  

මෙම විද්‍යාඥයන් සිව් දෙනා, මැයි 10 වනදා  අඟහරු ග්‍රහයා තුළට ඇතුළු වීමට නියමිත අතර ඔවුන් දින හතලිස් පහක් එහි ගත කිරීමට නියමිත බව වාර්තා වනවා