.webp)
COLOMBO (News 1st) - අමෙරිකාවේ, බැල්ටිමෝර් වරාය අසළදී නෞකාවක ගැටී පාලමක් කඩා වැටීම හේතුවෙන්, එම ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ, සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරන ඩාලි නෞකාව මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
වෙසල්ෆයින්ඩර් වෙබ් අඩවියට අනුව, මෙම නෞකාව අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව බලා ගමන් කරන බවට වාර්තා වේ.
මෙම අනතුරින් සිදුවූ හානි මෙතෙක් වාර්තා වී නොමැත.
නැව් සමාගමට අනුව අදාළ නෞකාව 2015දී කොරියාවේ දී නිෂ්පාදනය කරනු ලැබූවකී.
නෞකාව තුළ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 24 දෙනෙකු සේවය කර ඇති බවට වාර්තා වේ.
නෞකාව ගැටීමෙන් කඩා වැටුණු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම විවෘත කර තිබෙන්නේ, 1977 වසරේදීයි.
බැල්ටිමෝ වරාය අශ්‍රිතව පිහිටා ඇති එම පාලම දිග කිලෝමීටර් 2.57ක්.