ඒ අනුව නිව්යොක් අධිකරණය විසින් ඊයේ (25) නියෝග කළේ, ඔහුට එරෙහි නඩු විභාගය අප්‍රේල් 15 වැනි දා ආරම්භ වන බවයි.
2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ඔහු සබඳතා පැවැත් වූ නිල් චිත්‍රපට නිළියකට මුදල් ගෙවා එම තොරතුරු වසන් කර, පසුව ඒ සම්බන්ධ මූල්‍ය වාර්තා වෙනස් කිරීම ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.
ඒ අනුව අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ, හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහි අපරාධ නඩුවක් විභාගයට ගැනෙන පළමු අවස්ථාව මෙය වනු ඇති.
මෙම නඩුවෙන් ලැබෙන තීන්දුව, මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සෘජුව බලපානු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත්, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තේරී පත්වීමට වැඩි ගෞරව දිනාගෙන අවසන්ය.
මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට තැත් කිරීම, රහසිගත රාජ්‍ය ලේඛන අනවසරයෙන් ළඟ තබා ගැනීම ඇතුළු තවත් චෝදනා 3ක් සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයාට එරෙහිව තවත් අධිකරණ 3ක නඩු විභාග වෙමින් පවති.