ඉංග්‍රීසි ගුරුවරුන් 500ක් සේවයට..

උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදැරූ ඉංග්‍රීසි ගුරුවරුන් 500ක් සේවයට..

by Staff writer 03-04-2024 | 6:16 AM

COLOMBO (News 1st) - උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදැරූ 500 දෙනෙකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ, දිවයිනේ පවතින ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියමක් ලෙසයි. 

අමාත්‍යාංශය පැවසුවේ, 2021 වසරේ පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත එම පිරිස බඳවා ගන්නා බවය. 

ඔවුන් දැනට ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු පවතින ජාතික හා පළාත් පාසල්වලට අනියුක්ත කරනු ලබයි.