පලස්තීනය යළි එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට ?

එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනීමට පලස්තීනයෙන් යළි අයැදුම්පතක්..

by Staff writer 03-04-2024 | 7:46 AM

COLOMBO (News 1st) - පලස්තීනය, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සාමාජිකත්වය ලබා ගැනීමට යළි අයැදුම් කර තිබේ.

ඒ, වසර 13කට පසුවයි.

ඊට අදාළ සම්බන්ධීකරණය පලස්තීනයේ රැඳී සිටින එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයක් විසින් සිදු කරන බව වාර්තා වේ.

මීට පෙර 2011 වසරේදී පලස්තීනය ස්වාධීන සාමාජික රාජ්‍යයක් ලෙස පිළිගැනීම එක්සත් ජාතීන් විසින් ප්‍රතික්ෂේප කළේ ය.

නව ඉල්ලීමට අවසන් ප්‍රතිචාරයක් දැක්වීම මේ මාසයේ අවසානයේදී සිදුවන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.