පාසල් කාලය තුළදීම සිසුන්ට වෘත්තීය පුහුණුවක්!

පාසල් සිසුන්ට වෘත්තීය පුහුණුවක් ලබාදීමේ නියමු ව්‍යාපෘතියක්..

by Staff writer 03-04-2024 | 7:17 AM

COLOMBO (News 1st) - 9 ශ්‍රේණියෙන් ඉහළ පාසල් දරුවන් සඳහා පාසල් කාලය තුළදීම වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ඊ. ඒ. ඩී. එස්. සේනාරත්න මහතා පැවසුවේ, කොළඹ හා තදාසන්න පාසල් 11ක මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.

නියමු ව්‍යාපෘතිය වෘත්තීය පුහුණු අධිකාරිය හා කර්මාන්ත ආයතන 13ක් සමග එක්ව ක්‍රියාත්මක කරනු ලැබේ.

මෙය විෂය බාහිර ක්‍රියාකාරකමක් ලෙස පාසල් කාලය තුළදී හා ඉල්ලීම අනුව පාසල් කාලයෙන් පසුව සිදු කෙරෙන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අතර විදුලි යතුරුපැදි නඩත්තුව සහ ඒ ආශ්‍රිත නඩත්තු කටයුතු, ගෘහස්ථ විදුලි පරිපථ, බලශක්ති කළමනාකරණය, හෝටල්, රූපලාවන්‍ය, ගොඩනැගිලි පින්තාරු ක්ෂේත්‍රය ඇතුළු වැඩසටහන් ඊට ඇතුළත් වේ.

මේ යටතේ සහභාගිවීමේ සහතිකයක් ද ලබාදීමට නියමිතයි.

ඉදිරියේදී NVQ 3 වන මට්ටමේ සහතිකයක් ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේ ය.