ඉතාලියේ ජල විදුලි බලාගාරයක පිපිරීමක්..

ඉතාලියේ ජල විදුලි බලාගාරයක පිපිරීමක්... පුද්ගලයින් 4 දෙනෙකු මරුට...

by Staff writer 10-04-2024 | 6:30 AM

COLOMBO (News 1st) - ඉතාලියේ ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ.

උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටා ඇති මෙම ජල විදුලි බලාගාරයේ තවත් සේවකයින් පිරිසක් අතුරුදන් වී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් විය.

විලෙහි මතුපිට සිට මීටර 30ක් පමණ ජල අභ්‍යන්තරයේ අදාළ පිපිරීම සිදුව තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජල අභ්‍යන්තරයේ සිදු කළ නඩත්තු කටයුත්තක් අතරතුරදී එහි ටර්බයිනයක් පුපුරා යාමෙන් ගින්නක් හටගෙන ඇති බවයි.

දැඩි පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් ගුවන් මගින් රෝහල් කරා රැගෙන ගොස් ඇත.

සුවියානා විල, 1932 වසරේදී කෘතිමව ඉදිකර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.