සිඩ්නිහී පිහි ඇනුමකින් 6ක් මරුට..

සිඩ්නිහී සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකින් 6ක් මරුට

by Staff writer 13-04-2024 | 5:27 PM

COLOMBO (News 1st) - ඕස්ට්‍ර්ලියාවේ, සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සාප්පු සංකීර්ණයට පැමිණි පාරිභෝගිකයින් පිරිසකට කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පිහි ඇනුම් සිදුකර ඇති බවයි.

එහිදී  ක්‍රියාත්ක වූ පොලිසිය අදාළ පුද්ගලයා හට වෙඩි තබා තිබේ.

වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.