ඔස්ට්‍රේලියාවේ දේවස්ථානයක් තුළ පිහි ඇනුමක්....

ඔස්ට්‍රේලියාවේ දේවස්ථානයක් තුළ පිහි ඇනුමක්....

by Staff writer 15-04-2024 | 9:16 PM

COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දේවස්ථානයක් තුළ පිහි ඇනුමක් සිදුව තිබේ.

සිඩ්නි නුවර දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුරදී කළු ඇඳුමක් පැලඳගත් පුද්ගලයකු පිහි ප්‍රහාරය එල්ලකර ඇත.

විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ, පිහි ඇණුමෙන් බිෂොප්වරයෙක් සහ තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මීට දින කිහිපයකට පෙරද සිඩ්නි නුවරට අයත් සාප්පු සංකීර්ණයක් තුළ සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගියහ.