විදුලි පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තීය සමිති නඩු මගට

විදුලි පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තීය සමිති නඩු මගට..

by Staff writer 26-04-2024 | 6:48 AM

COLOMBO (News 1st) -  පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ විදුලි බල පනත් කෙටුම්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි වෘත්තීය සමිති පවසයි.

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ, මෙම විදුලි පනත් කෙටුම්පතින් මෙරට බලශක්ති ක්ෂේත්‍රය දැඩි අනතුරකට පත්ව ඇති බවයි.