ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ

ගුවන් යානා ගේට්ටු 400 කින් සමන්විත ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ

by Hashini De Mel 30-04-2024 | 10:36 AM

COLOMBO (News 1st) - ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ ඩුබායිහි ඉදිකිරීමේ කටයුුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 

මෙම ගුවන්තොටුපොළ අල් මක්ටූම් (Al Maktoum) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස නම් කර තිබේ.

ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු එම ගුවන්තොටුපොළ තුළ වාර්ෂිකව මගීන් මිලියන 260ක් දක්වා හැසිරවීමේ හැකියාව පවතිනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති එච්. එච්. ෂීක්. මොහොමඩ් X සටහනක් තබමින් පවසන්නේ, ඩිරාම් බිලියන 128ක වියදමින් ගුවන්තොටුපොළේ ඉදිකිරීම් ආරම්භ කළ බවයි. 

ඉදිකරන නව ගුවන්තොටුපොළ ඩුබායිහී දැනට පවතින ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වඩා පස් ගුණයකින් විශාලය. 

මෙහි ගුවන් යානා ගේට්ටු 400 කින් සමන්විත වන අතර ගුවන් ගමන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා සමාන්තර ධාවන පථ 5 කින් ද සමන්විත වේ.

ගුවන්තොටුපොළ ඉදිකිරීමේ පළමු අදියර වසර 10ක් ඇතුළත අවසන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.