හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති

හැඳුනුම්පත අමතක වී ඡන්දය දාන්න ගිය බ්‍රිතානයේ හිටපු අගමැති ආපසු හරවා එවයි..

by Staff writer 03-05-2024 | 12:32 PM

COLOMBO (News 1st) – හැඳුනුම්පත අමතක වී ඡන්ද මධ්‍යස්ථානයට ආ හිටපු අගමැතිවරයෙකු ආපසු හරවා යැවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා  

ඒ , බ්‍රිතානයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් 

බ්‍රිතානයේ පළාත් පාලන මැතිවරණයට  ඡන්දය භාවිත කිරීමට ගිය අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම සිදුවීමට මුහුණ දී ඇති බව 
විදෙස් මාධ්‍ය වාර්තා කරනවා 

කෙසේ නමුත් හැඳුනුම්පත රැගෙන යළි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි පසුව හිටපු අග්‍රාමාත්‍යවරයාට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා 

ඡන්දය ප්‍රකාශ කිරීමට ඡායාරූප හැඳුනුම්පත අත්‍යවශ්‍ය බවට වන නව නීතිය 2022 වසරේදී බොරිස් ජොන්සන් විසින්ම හඳුන්වා දී තිබීම ද මෙහි විශේෂත්වයක් 

පසුගිය වසරේ බ්‍රිතානයේ පැවති පළාත් මැතිවරණයේදී 14,000කට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූයේත් මෙම නව නීතිය හේතුවෙන්.