.webp)
-556946.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය, මෙක්සිකෝව සහ ස්විට්සර්ලන්තය යන රටවල සරසවි සිසුන්, එලෙස විරෝධතාවල නිරත වන බවයි.
පසුගිය අප්‍රේල් මාසයේ සිට ඇමරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් ඊශ්‍රායල ප්රහාරෙවලට විරෝධය පල කරමින් උද්ඝෝණවල නිරත වේ.
විශ්වවිද්‍යාල 40 ක සිසුන් එලෙස අප්‍රේල් මාසයේ සිට විරෝධතාවල නිරත වන්නේ, කඳවුරු ද ඉදිකර ගනිමිනි.
මේ අතර ප්‍රංශයේ පැවති විරෝධතාවක් අතරතුර විශ්ව විද්‍යාල සිසුන් 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
