ඇෆ්ගනිස්ථානයේ ගංවතුරට 60ක් බිලිවෙයි

ඇෆ්ගනිස්ථානයේ ගංවතුරට 60ක් බිලිවෙයි

by Staff writer 11-05-2024 | 7:24 AM

COLOMBO (News 1st) - ඇෆ්ගනිස්ථානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

බග්ලන් පළාතේ දිස්ත්‍රික්ක පහකට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් විශාල පිරිසක් අතුරුදන් වී තිබේ. 

පසුගිය සති කිහිපය තුළ ඇෆ්ගනිස්ථානයට අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක් ඇදහැලුණු බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.

මෙම තත්ත්වය හමුවේ 200කට වැඩි පිරිසක් තම නිවෙස් තුළ සිරවී සිටී.