මුම්බායිහි දැන්වීම් පුවරුවක් කඩා වැටී 8ක් මරුට

ඉන්දියාවේ මුම්බායිහි දැන්වීම් පුවරුවක් කඩා වැටී 8ක් මරුට

by Staff writer 14-05-2024 | 6:23 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ මුම්බායි නගරයේ සවිකර තිබූ දැවැන්ත දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ.

මීටර 70ක දිගින් සහ, මීටර 50ක පළලකින් යුතු අදාළ දැන්වීම් පුවරුව කඩා වැටීමෙන් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

දැන්වීම පුවරුව කඩා වැටී ඇත්තේ, නිවාස කිහිපයක් සහ ඉන්ධන පිරවුම් හලක් මතටයි.

සුන්බුන් අතර තවත් පුද්ගලයින් 20 දෙනෙක් පමණ සිරවී ඇතැයි සැක පළ කෙරෙනු ඇත. 

ඊයේ මුම්බායි නගරයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණු අතර ඇතැම් ස්ථානවල දූවිලි කුණාටුවක් ද හමා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ සමග ඇතිවූ දැඩි සුළං තත්ත්වය මත දැන්වීම් පුවරුව කඩා වැටී ඇති බවයි. 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.