ස්ලෝවැකියානු අගමැතිට වෙඩි!

ස්ලෝවැකියානු අගමැතිට වෙඩි!

by Staff writer 16-05-2024 | 7:09 AM

COLOMBO (News 1st) - ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝ බ්‍රැටිස්ලාවාහි ඊසාන දෙසින් පිහිටි කුඩා නගරයකදී වෙඩි තබා තිබේ.

වෙඩි තැබීම සිදු වුයේ, බ්‍රැටිස්ලාවා අගනුවර සිට කිලෝමීටර් 180ක් පමණ දුරින් පිහිටි හැන්ඩ්ලෝවාහිදී අගමැතිවරයා සංස්කෘතික ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිරිපිට මිනිසුන්ට ආචාර කරමින් සිටියදීයි.

අගමැතිවරයාට පැය 3කට අධික කාලයක් ශල්‍යකර්මයක් ද සිදු කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසීය.

කෙසේනමුත් අගමැතිවරයාගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

මෙම වෙඩි තැබීම "ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයක්" ලෙස ජනාධිපතිවරයා ඇතුළු ස්ලෝවැකියානු දේශපාලඥයින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයා එම ස්ථානයේම රඳවාගෙන සිටින නමුත් බලධාරීන් විසින් මෙතෙක් නිල වශයෙන් හඳුන්වා දී නොමැත.