රජය,බැඳුම්කර හිමි මෙහෙයුම් කමිටුව සමග එකඟතාවක

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවක්...

by Staff writer 04-07-2024 | 9:22 AM

COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලර් බිලියන 12කට ආසන්න ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කොන්දේසි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, බැඳුම්කර හිමියන්ගේ මෙහෙයුම් කමිටුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ. 

මෙම එකඟතාවන් අනුව සැප්තැම්බර් මාසයේ සිට පොලී ගෙවීම් ආරම්භ කළ යුතුය. 

බැඳුම්කරවල වටිනාකමින් සියයට 28ක ණය කපා හැරීමක් යෝජනා වී ඇති බව ද සඳහන් වේ. 

මේ අතර ණය නොගෙවූ කාලයට අදාළ පොලී අඩු කිරීමක් ද සිදුකරනු ඇත. 

ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් අතර 2024 ජුනි මස 21 වැනිදා සිට ජූලි මස 2 වැනිදා දක්වා සාකච්ඡා පැවැත්විය.