ලොව ලාබාලතම 12 හැවිරිදි උපාධිධාරියා...

ලොව ලාබාලතම 12 හැවිරිදි උපාධිධාරියා...

by Chathurika Jayasundara 24-06-2024 | 2:26 PM

COLOMBO ( News 1st ) - ලොව ලාබාලතම උපාධිධාරියා වන 12 හැවිරිදි සුබෝනෝ බාරි නිව්යෝර්ක් නුවර මැල්වර්න් විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 ඔහු ලබන 26 වැනිදා සිය උපාධිය ලබා ගැනීමට නියමිතයි. 

උපාධිය ලැබීමෙන් පසුව නිව්යෝක් නුවර මැල්වර්න් විශ්වවිද්‍යාලයේ ගණිතය සහ භෞතික විද්‍යා පීඨයේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට පූර්ණ ශිෂ්‍යත්වයක් ද ඔහුට ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
සුබෝනෝ බාරි සිසුවා මේ වනවිට කෘති 2ක් රචනා කර තිබෙනවා.   
 
ඔහුට මුම්බායි විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ආරාධිත මහාචාර්යවරයෙකු ලෙස දේශන පැවැත්වීමට ආරාධනා ලැබී තිබුණා ‍

මේ අතර මේ සුවිශේෂි සිසුවා පාසල් වාර අවසානයේදී සිවුවැනි වසරේ සිට අටවැනි වසර දක්වා ද, පසුව 9 වැනි වසරේ සිට 12 වැනි වසර දක්වා ද ශ්‍රේණිගත කිරීම්වලින් උසස්වීම් ලබා ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙනවා. 

ඒ සුබෝනෝගේ ඇති මෙම සුවිශේෂී අධ්‍යාපනික හැකියාවන් නිසා ය

ගණිතය, විද්‍යාව, ඉතිහාසය වැනි සෑම විෂයක් ගැනම ගැඹුරු කුතුහලයක් තමන්ට තිබූ බව සුබෝනෝ පවසනවා.

සුබෝනෝගේ මව ෂහේදා බාරි තම පුතාගේ අද්විතීය ගමන ගැන පවසා සිටියේ,  තම දරුවා අනෙක් ළමයින්ට වඩා සෑම අවස්ථාවකදීම ඉදිරියට සිටි බවයි. 

මේ සිසුවාට වයස අවුරුදු 4 දී හිටපු අමෙරිකා ජනපති බැරැක් ඔබාමා විසින් ඔහුගේ සුවිශේෂී ගණිතය සහ විද්‍යාව පිළිබඳ ජයග්‍රහණයන් අගය කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට ඔහු වයස අවුරුදු 18 වන විට ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සැලසුම් කරමින් සිටිනවා