Nassau County ක්‍රීඩාංගණය ගලවා ඉවත් කරයි

T20 ලෝක කුසලානය වෙනුවෙන් ඉදි කළ ආන්දෝලනාත්මක Nassau County ක්‍රීඩාංගණය ගලවා ඉවත් කරයි

by Staff writer 14-06-2024 | 12:21 PM

COLOMBO (News 1st) –  2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝක්හි තාවකාලිකව ඉදි කෙරුණු  ක්‍රීඩාංගණය කාගේත් අවදානයට යොමු වෙලා තිබුණා    

නාසා කවුන්ටි ලෙස නම් කරපු මේ ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරලා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ නිමාවූ ඉන්දු - අමෙරිකා තරගයෙන් අනතුරුවයි

ඩ්‍රොපිං පිච් හෙවත් පෙර සැකසූ තණතිලි තැම්පත් කිරීමේ ක්‍රමවේදයට අනුකූලව මෙම ක්‍රීඩාංගනය සකස් කර තිබූ අතර එවැනි තණතීරු 10කින් ක්‍රීඩා පිටිය සමන්විත වුණා 

නාසා කවුන්ටි ක්‍රීඩාංගණය සකස් කළේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ටර්ෆ් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් 

මෙම ක්‍රීඩාංගණයේ දී එකවර ප්‍රේක්ෂකයින් 34,000 දහසකට අසුන් ගැනීමට හැකියාව තිබෙනවා 

මෙම ක්‍රීඩාංගනයේ පළමු තරගය ලෙස පැවැත්වුණේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගයයි.

මීට අමතරව තරගාවලියේ ඉන්දු - අමෙරිකා, දකුණු අප්‍රිකා - බංග්ලාදේශ සහ ඉන්දු - පකිස්ථාන තරගද ඇතුළුව තරග 8ක් නාසා කවුන්ටි ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනාගතයේ දී නව ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට මුකේෂ් අම්බානි අපේක්ෂාවෙන් පසුවන බවයි