වෙඩි වැදුණු ට්‍රම්ප්,ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යයි...

by Staff writer 14-07-2024 | 9:46 AM

COLOMB0 (News 1st) - වෙඩි වැදීමෙන් රෝහල් ගත කළ අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇත.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, යම් හඬක් සමග දකුණු කණ අසළ සම ඉතා ක්ෂණයකින් ඉරී යන බව දැණුනු බවයි.

පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති දේශපාලන රැළියක් අමතමින් සිටියදී, ට්‍රම්ප් එලෙස වෙඩි ප්‍රහාරයකට ලක්විය.

වෙඩි තැබීමට පෙර රයිෆලයක් අතැතිව මිනිසෙකු අසළ වහලක් මත බඩගාමින් සිටිනු දුටු බවට, රැලියේ  සිටි පුද්ගලයෙකු සාක්ෂි දී තිබේ.

ප්‍රහාරයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවෙකු මිය ගියේ ය.

ඊට අමතරව වෙඩික්කරු ද, ආරක්ෂක අංශ ප්‍රහාරවලින් මියගොස්  ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 2 ක්.

සබැඳි පුවත් 

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්..
https://news1st.lk/3Wj1wRh