ආසියානු කලාපයේ රටකදී මෙම සමුළුව පැවැත්වෙන්නේ පළමුවරට බව ක්‍රිකට් ආයතන නිවේදනයේ දැක්වේ.
ICC සාමාජිකයන් 108 දෙනෙකු ඇතුළු නියෝජිතයන් 220 දෙනෙකු සමුළුවට එක් වන බව ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ය.
අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව මෙන්ම, නැගෙනහිර ආසියානු පැසිෆික් කලාපය සහ යුරෝපයෙන් ද මෙම සමුළුවට නියෝජිතයින් එක් වීමට නියමිතයි.
ලොව පුරා සිටින ක්‍රිකට් පරිපාලකයින්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ ප්‍රධානතම හමුව වන මෙය ක්‍රීඩාවේ උපාය මාර්ගික දිශානතිය, පාලනය සහ ලොව පුරා ක්‍රිකට් සංවර්ධනය පිළිබඳ සාකච්ඡා සඳහා වේදිකාවක් සකසනු ලැබේ.
මෙවර සමුළුවේ තේමාව, ''ඔලිම්පික් අවස්ථාව සාක්ෂාත් කර ගැනීම''යි.
ඒ යටතේ, විවිධත්වය සහ අනන්‍යතාව, පාරිසරික ස්ථාවරභාවය සහ ක්‍රීඩාව යන මාතෘකා සාකච්ඡා කිරීමට අපේක්ෂිත අතර සමුළුවට සමගාමීව රැස්වීම්, වැඩමුළු හා ජාලගත සැසි කීපයක් ද පැවැත්වීමට නියමිතව තිබේ.