![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
COLOMBO (News 1st) - 2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (20) පැවැත්වේ.
ඒ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
බී කාණ්ඩයෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ප්‍රතිවාදියා, බංග්ලාදේශ කණ්ඩායමයි.
මෙම තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වේ.
තරගාවලියේ පකිස්ථාන කාන්තා කණ්ඩායමට එරෙහි තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම ජය ගත්තේ කඩුලු 7කිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 108ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 3ක් දැවී සිටයදී නියමිත ඉලක්කය පසු කළේ ය.