සරසවි කඩයිම් ලකුණු සකස් කිරීම කඩිනම් කිරීමට පියවර

සරසවි කඩයිම් ලකුණු සකස් කිරීම කඩිනම් කිරීමට පියවර - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

by Hashini De Mel 31-07-2024 | 7:16 AM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු සකස් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 

එම කොමිසම සඳහන් කළේ, සිසුන් 87000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කර ඇති බවයි. 

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සේවක හිඟය හේතුවෙන් ඒ සඳහා යම් බාධා මතුව තිබේ. 

කොමිසම පැවසුවේ, ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල කිහිපයකින් ඒ සඳහා නිලධාරීන් පත් කිරීමට පියවර ගන්නා බවයි. 

ඒ අනුව කඩයිම් ලකුණු ලබන මස අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය. 

මෙවර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 43000කට අධිකයි.