ශ්‍රී ලංකා - එංගලන්ත තුන්වන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා - එංගලන්ත තුන්වන ටෙස්ට් තරගය අද

by Staff writer 06-09-2024 | 10:03 AM

COLOMBO (News 1st) –

සංචාරක - ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

දෙවැනි තරගයේදී ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ.

කඩුළු රකින ක්‍රීඩක නිෂාන් මධුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් නැවතත් කණ්ඩායමට එක් කර තිබේ.

දගපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වෙනුවට කණ්ඩායම ඇතුළත් කර ඇත්තේ වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු.

අද තරගයට එක්වන එංගලන්ත කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදු කර තිබේ.

ඒ වේගපන්දු යවන ක්‍රීඩක මැතිව් පොට්ස් වෙනුවට නවක වේග පන්දු යවන්නෙක් වන ජොෂ් හල් කණ්ඩායමට එක් කරමින් ය.

දෙරට අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.