ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට..

ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට..

by Staff writer 26-08-2024 | 8:13 AM

COLOMBO (News 1st) -ටෙලිග්‍රෑම්හි ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහුගේ පෞද්ගලික ජෙට් යානය Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු පවෙල් ඩුරොව් පොලිසිය විසින් රඳවාගෙන සිටි බවයි

ජනප්‍රිය පණිවිඩ යැවීමේ යෙදුමක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ටෙලිග්‍රෑම්හි සාපරාධී භාවිතයන් මැඩලීමට පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඩුරොව් මහතාට චෝදනා එල්ල වි  තිබේ.