ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 04ක් මරුට..

ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 04ක් මරුට..

by Staff writer 07-09-2024 | 4:31 PM

COLOMBO ( News 1st ) - ගතවූ පැය 24තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් 04 දෙනෙකු මිය ගොස් තිබේ.

පොතුහැර , කුඩාඔය , වාරියපොල සහ මුන්දලම පොලිස් බල ප්‍රදේශවලින් එම අනතුරු වාර්තා වන බව පොලීසිය සඳහන් කළේ ය.

කොළඹ - කුරුණෑගල මාර්ගයේ කඳුරුකුඹුර ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කල 30 හැවිදිරි තරුණයෙකු මිය ගියේ ය.

තණමල්විල - වැල්ලවාය මාර්ගයේ තෙළුල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ගමන් කල යතුරු පැදිය ලොරියක ගැටී අනතුර සිදුවිය.

වාරියපොල - පුත්තලම මාර්ගයේ බඹරගම්මන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පුද්ගලික බස් රථයක් ගැටීමෙන් ලංගම බස් රථයේ පාපුවරුවේ ගමන් කල පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා කව්රුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නැත.

පාපුවරුවේ ගමන් කල තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

හලාවත - පුත්තලම මාර්ගයේ බත්තළුඔය ප්‍රදේශයේදී මෝටර් රථයක් පදිකයෙකුගේ ගැටීමෙන් මිය ගොස් ඇත්තේ 39 හැවිදිරි බත්තළුඔය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මෝටර් රථය සහ එහි රියදුරු පලා ගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.