නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය සියයට 50කින් අවසන්

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50%කින් අවසන්..

by Staff writer 07-09-2024 | 4:13 PM

COLOMBO ( News1st ) - ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50%කින් අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

ඒවා මැතිවරණ කොමිසමට භාරදී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.

නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඉදිරි සතිය ඇතුළත අවසන් කිරිමට සැලසුම් කර ඇති බව ද මුද්‍රණාලය පවසයි. 

මෙවර ජනාධිපතිවරණය සඳහා එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ 40,354 පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරිමට සුදුසුකම් ලබා සිටී.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් හෙට (08) ක්‍රියාත්මක වේ.

පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිනු ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ ය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින්  30%ක් පමණ මේ වනවිට බෙදා අවසන් බව ද ඔහු ප්‍රකාශ කළේය.