නාමල් දැක්ම ගැන ජනතාව දැනුවත් කිරීම අද සිට..

නාමල් දැක්ම වැඩපිළිවෙළ ගැන ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන අද සිට..

by Staff writer 07-09-2024 | 8:01 AM

 COLOMBO ( News1st ) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතාගේ - නාමල් දැක්ම - වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන අද(07) ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් ඒ පිළිබඳව අද සිට දීප ව්‍යාප්තව ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරන බවයි.

දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක 22 හි ආසන 160, ඡන්ද පොළ කාර්යාල 13268 නියෝජනය වන පරිදි සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන අද උදෑසන ආරම්භ කරන බව ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.