මැතිවරණ රැස්වීමකින් මතුවූ සෙල්ලම් පිස්තෝලය..

මැතිවරණ රැස්වීමකට සෙල්ලම් පිස්තෝලයක් රැගෙන ගිය සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට..

by Staff writer 08-09-2024 | 8:20 AM

COLOMBO (News 1st) - වැලිමඩ පැවති ජනාධිපතිවරණ ජන හමුවකට සෙල්ලම් පිස්තෝලයක් රැගෙන පැමිණි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සරසවි සිසුවෙකු සහ උසස් පෙළ හදාරන සිසුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන්, ඌව පරණගම හා අඹගස්දෝව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.