රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් .....

රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් .....

by Staff writer 08-09-2024 | 9:34 AM

COLOMBO (News 1st) - ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 ත් 65 ත් දක්වා ඉහළ යා හැකියි.

ත්‍රිකුණාලමය සිට කන්කසන්තුරය, පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 55 ක් පමණ දක්වා, ඉහළ යා හැකි වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්‍ෙවලත්, වැසි වාර කිහිපයක් ඇති විය හැකි වනවා.