ඡන්දය වෙනුවෙන් පාසල් නිවාඩු දෙයිද?

පාසල් නිවාඩු ගැන මැතිවරණ කොමිසමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ලිපියක්...

by Staff writer 09-09-2024 | 12:51 PM

COLOMBO ( News 1st ) - ඡනාධිපතිවරණය සඳහා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිපියක් නිකුත් කර තිබේ.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සූදානම් කර ගැනීම, ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව ආරම්භ කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල්, ලබන 19 සහ 20 යන දෙදින සකස් කිරීමට දැනට සැලසුම් කර ඇතැයි, කොමිසම ලිපියෙන් දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසමේ ඉල්ලීම් සලකා බලා පාසල්වලට නිවාඩු ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළේ ය.