සඳුන් කෝසලගෙන් ලංකාවට රන් පදක්කමක්..

2024 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී සඳුන් කෝසලගෙන් ලංකාවට රන් පදක්කමක්..

by Staff writer 13-09-2024 | 9:26 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ සඳුන් කෝසල, 2024 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 110 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගෙන තිබේ.

ඉන්දියාවේ පැවැති තරගයේදී ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව, තත්පර 14.06කි.

රිදී පදක්කම ඉන්දියාවට හිමි වූ අතර ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ විශ්ව තාරුකට හිමි විය.

විශ්ව තරගය අවසන් කළේ, තත්පර 14.27කිනි.